ලේ වඩන ශක්‌ති ජනක වෙරළු දලු කැඳ සහ මැල්ලුම

ශ්‍රී ලංකාවේ ඔලිව් ගෙඩි ලෙසින් හඳුන්වන වෙරළු ගෙඩියක රස නොබැලූවන් වර්තමානයේ බොහෝ සිටියත් මීට වසර දහයකට පමණ පෙරදී වෙරළු ගෙඩියක රස නොබැලූ දරුවකු හෝ වැඩිහිටියකු සිටියේ නම් ඒ අතලොස්‌සකි.

වෙරළු ඉතා රසවත් සහ ගුණදායි පලතුරකි. එසේම වෙරළු දලුද ඉතා ගුණදායි ආහාරයකි.

වෙරළු දලුවල කැල්සියම් බහුලය. යකඩ සහ විටමින් "සී" ඇති නිසා ගැබිනි මවුවරුන්ට, රක්‌ත හීනතාවයෙන් පෙළෙන දරුවන්ට වෙරළු දලු වලින් සැකසූ කැඳ හෝ වෙරළු දලු මැල්ලුමක්‌ සකස්‌ කර ආහාරයට ලබාදීම ගුණදායක බව සෘෂි නාඩි වෛද්‍යවරුද ප්‍රකාශ කර ඇත.

හොඳින් පැසුනු වෙරළු ගෙඩි සහ වෙරළු දලු තම්බා එම ජලය පානය කිරීම මගින් මුත්‍රා රෝග ඇතිවීම වළක්‌වා ගත හැකිය. කාය ශක්‌තිය වර්ධනය වේ.

වෙරළු කැඳ

වෙරළු දලු මිටක්‌ ගෙන එය ලී වංගෙඩියක කොටා හෝ බ්ලෙන්ඩරයක දමා යුෂ ලබා ගන්න. එම යුෂ කැඳ ලෙස සාදා උදෑසන පානය කිරීම සුදුසුය.

වෙරළු දලු මැල්ලුම

වෙරළු දලු මිටක්‌ ගෙන එය ඉතා හීනියට ලියා ගන්න. හීනියට ලියාගත් වෙරළු දලු සමඟ වියළි මිරිස්‌ කරල් කිහිපයක්‌ සුදු ළුනු ගෙඩි කිහියක්‌ උළු හාල් ස්‌වල්පයක්‌ කරපිංචා කොළ කිහිපයක්‌ මිශ්‍ර කර ගන්න.

එම විශ්‍රණය එළඟිතෙල්, පිරිසිදු පොල් තෙල් හෝ තල තෙල් වලින් මලවා ගන්න.

මෙම වෙරළු දලු මැල්ලුම දිවා ආහාර සමඟ එක්‌කර ගැනීමෙන් රසවත් මෙන්ම ගුණවත් ආහාරයක්‌ බවට පත්කර ගත හැකිය.

වැඩිදුර වෛද්‍ය උපදෙස්‌ සඳහා දුරකථන අංක 0776500677 ඇමතීමෙන් පිළිවන.
මොරටුව අඟුලාන සෘෂිනාඩි වෛද්‍ය මධ්‍යස්‌ථානයේ
වෛද්‍ය මහාචාර්ය ජිනසිරි ලියන්වෙල