ධනංජිගේ අපුරු උපන්දිනය සැමරුම

ධනංජිගේ අපුරු උපන්දිනය සැමරුම
ජනප්‍රිය ටෙලිනාට්‍යය කිහිපයකින්ම ඔබේ ආදරය දිනාගත් නව පරපුරේ ජනප්‍රිය යොවුන් නිළි ධනංජි තාරුකාගේ උපන්දිනය පසුගිය සති අන්තයට යෙදී තිබුණා. වර්තමානයේ බොහෝ දෙනා සිය උපන්දින සාදය ජයටම ගනිද්දී ධනංජි ඒ වෙනුවෙන් සිදු කළේ රසවත් ආහාරවේලක් යාචකයන්ට ලබාදීමයි. ආදර්ශමත් උපන්දිනයක් ගත් ධනංජි අපට අදහස් පළ කළේ මෙලෙසිනි.

“ඇත්තටම මම උපන්දින සාද ජයට ගන්න කෙනෙක් නෙමෙයි. ගෙදර වුණත් පොඩි උත්සවයක් පසුගිය කාලෙ ගත්තත් මෙදා පාර වෙනසක් කරන්න හිතුණා. මගේ අම්මාත් එක්ක කල්පනා කරලා තමයි මේ විදියට කෑම වේලක් අසරණ අයට දෙන්න මම තීරණය කළේ. අම්මා තමයි මට ගොඩක් උදවු කළේ. මගේ අතින්ම උයලා පිහලා තමයි මේ කෑම හැදුවේ. මේ වගේ පුණ්‍ය කටයුත්තක් කළාහම ඒක හිතට ලොකු සැහැල්ලුවක්.”

Dananji Tharuka Kaluarachchi