අධිවේගී මාර්ගවල අවම ගාස්තුවෙ වෙනසක්

අධිවේගී මාර්ගවල අවම ගාස්තුවෙ වෙනසක්
ඉදිරියේ දී අධිවේගී මාර්ගවල රාත්‍රී 9.00 සිට අලුයම 5.00 දක්වා කාලය තුළ රියැදුරන්ට අවම ගාස්තුව ලෙස ගෙවීමට තිබූ රුපියල් සියයේ අගය රුපියල් පනහක් වන බව අධිවේගී මාර්ග මෙහෙයුම්, නඩත්තු සහ කළමනාකරණ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා පැවසීය. 

මෙවර අයවැය යෝජනාවලට ඉදිරිපත් වූ අධිවේගී මාර්ගවල ගාස්තු අඩුවීමේ ක්‍රියාපටිපාටියට අනුව මෙය නොබෝ දිනකින් ක්‍රියාත්මක කරන බව ද එස්. ඕපනායක මහතා සඳහන් කළේය.

දුර ප්‍රමාණයට අනුව ගෙවීමට සිදුවන මුදලින් රාත්‍රී 9.00 සිට අලුයම 5.00 දක්වා වූ කාල සීමාව තුළ රුපියල් පනහක මුදලක් අඩු කිරීම සඳහා වූ ගෙවීමේ කවුළුවල ස්ථාපිත මුදල් ගෙවීමේ යන්ත්‍ර පද්ධතියේ සංශෝධන ගාස්තු ඇතුළත් කිරීමේ කටයුතු ද ඉදිරියේ දී සිදු කරන බව හෙතෙම කියා සිටියේය.