සමෘද්ධි නිලධාරීහු වීරවංසට හූ කියා පන්නති

සමෘද්ධි නිලධාරීන් ඊයේ (29) පාර්ලිමේන්තු වටරුවුමේ පැවැත්වූ විරෝධතාවය අතරතුර එම ස්ථානයට පැමිණි මහින්ද පිලේ මන්ත්‍රී විමල් වීරවංස මහතාට සහ වීරකුමාර දිසානායක මහතාට එම නිලධාරීන් පිරිසකගේ විරෝධය එල්ල වී තිබේ.

එහි පැමිණි විමල් වීරවංස මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් සිටියදී විරෝධතාකරුවන්ගේන් පිරිසක් එයට විරෝධය පළ කර ඇති අතර පසුව තවත් පිරිසක් විමල් වීරංවසගේ පැමීණීමට විරෝධය පළ කරමින් හූ කියා ඇත.

එම හූ සංග්‍රහය මධ්‍යයේ විමල් වීරංවස මන්ත්‍රීවරයාට සහ වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයාට එම ස්ථානයෙන් පිටත්ව යාමට සිදුවී ඇති අතර පසුව විරෝධතාකරුවන් දෙපිරිසක් අතර ගුටිබැට හුවමාරුවක්ද සිදු තිබේ.