ජැකලීන්ගෙන් ගිනස් ලෝක වාර්තාවක්

ජැකලීන්ගෙන් ගිනස් ලෝක වාර්තාවක්
බොලිවුඩය වැනි දැවැන්ත සිනමා නිර්මාණ බිහිවන ක්‍ෂේත්‍රයක තරුවක් වීම සුළුපටු නැහැ. ලස්සන, සිරුරේ හැඩය, නර්තන හැකියාව වැනි එකී මෙකී නොකී දේවල් රැසකට උරුමකම් කියන අපේ රටින් බිහිවූ රූ රැජන ජැකලීන් ෆර්ඩිනැන්ඩස්, බොලිවුඩ් තාරකාවන් අතර ඉහළම තැනක දිදුලන තරුවක්.

නමුත් මේ කියන්න යන්නේ බොලිවුඩ් තරුවක් ලෙස ඇය දිනාගත් ජයග්‍රහණයක් ගැනනම් නෙවෙයි. ජැකලීන් පසුගියදාක ගිනස් ලෝක වාර්තාවකට හිමිකම් කිව්වා. ඒ ''Abdominal Plank Position' අංශයෙන්. ඇය ඒ අනුව එක් මිනිත්තුවකට Abdominal Plank Position සියයක් කිරීමට සමත් වුණා.

ව්‍යායාම ක්‍රමවේදයේදී අත්‍යවශ්‍යම ව්‍යායාම ක්‍රමයක් වන මෙමඟින් නම්‍යශීලී සිරුරක් ලබා ගැනීමට අවස්ථාව උදා වනවා. මෙම අංශයට Kalki Koechin, Lisa Naydon, Sakshi Malik, Puma ඇතුළු කාන්තාවන් විශාල පිරිසක් සහභාගි වී තිබුණා.

මෙම වැඩසටහන සංවිධානය කර තිබුණේ ක්‍රීඩා උපකරණ නිෂ්පාදන සන්නාමයක් වන 'PUMA' මගිනි. මෙම නොවැම්බර් හය වැනි දින පැවැති වැඩසටහනේදී ජැකලීන් බිඳ දැමුවේ මෙයට පෙර පැවැති වාර්තාවකි.