සමේ රෝගවලට නිවැරදි පිළියම් මෙන්න

සමේ රෝගවලට  නිවැරදි පිළියම් මෙන්න
මිනිස්‌ සිරුරේ ලොකුම ඉන්ද්‍රිය වන සම නිරෝගීව තබාගැනීම සෑම කෙනකුටම අත්‍යවශ්‍යම දෙයකි. නමුත් වර්තමානයේ සම ආශ්‍රිතව හටගන්නා බොහෝ රෝග නිසා සමාජයේ කාන්තා පිරිමි බොහෝ දෙනෙක්‌ පීඩාවට පත්ව සිටිති. සමේ ඇති වැදගත්කම සමේ හටගන්නා විවිධ රෝග සහ එම රෝග සුවකර ගැනීම සඳහා කළ යුතු පිළියම් කවරේද යන්න පිළිබඳව අප ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක වෛද්‍යවරයාගෙන් විමසුවෙමු.

සිරුරේ ඇති අභ්‍යන්තර ඉන්ද්‍රියන් ආරක්‍ෂා කිරීම, සිරුරේ යම් යම් ස්‌ථානවලට නියමිත හැඩයන් ලබාදීම, සිරුරේ උෂ්ණත්වය නියත මට්‌ටමක තබා ගැනීමට දායක වීම සහ ශරීරයට එකතු වන විෂ, අපද්‍රව්‍ය බහිස්‍රාවී ක්‍රියාවලිය මගින් බැහැර කිරීම සමෙන් සිදුවන ප්‍රධානතම මාර්ගයන් ලෙස හඳුන්වා දිය හැකිය. නමුත් විවිධ හේතූන් නිසා මෙම සම රෝගවලට ගොදුරු වීම සිදුවන්නේය. ශරීරයට බාහිරින් පැමිණෙන ක්‍ෂුද්‍ර ජීවී ආසාධනයන් නිසා සම රෝගී වන්නේය. බොහෝ විට සමෙන් හටගන්නා රෝග බෝවන රෝගයන් වීම නිසා ස්‌පර්ශයෙන්, ලිංගික ක්‍රියා මගින් හෝ අපිරිසිදුකම් නිසා මේවා කෙනකුගෙන් තවත් කෙනකුට බෝවීමේ ඉඩකඩ ද පවතී.

පිටතින් පැමිණෙන ක්‍ෂුද්‍ර ජීවීන්ට පහසුවෙන් සම මතුපිට වැඩීමට අවශ්‍ය පරිසරය එම පුද්ගලයන්ගේ කායික අභ්‍යන්තර හේතූන් මත ඇතිවේ. එවැනි පිටතින් පැමිණෙන විෂබීජයන් නිසා සමෙහි ඇතිවන ආසාධනයන්ට ඔරොත්තු දෙන ලෙස සමට ප්‍රතිශක්‌තීන් ගොඩනඟා ගැනීමට දියුණු ආයුර්වේද වෛද්‍ය ක්‍රම ඇසුරු කිරීමෙන් හැකියාව ලැබෙන්නේය.

ක්‍ෂුද්‍ර ජීවී ආසාදනයන්ගෙන් තොරව එනම් බෝනොවන තත්ත්වයන් යටතේ සමට හානි කරන විවිධ රෝගාබාධයන්ට ද ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම මගින් විශ්මිත ලෙස සුවය ලබාගත හැකිය.

සම රෝග වන තවත් ප්‍රධානම කාරණයක්‌ ලෙස රක්‌ත දූෂණය හඳුන්වා දිය හැකිය. උපතේ සිටම පුද්ගලයකුට උරුම වන වා, පිත්, සෙම්. දොaෂයන් අතුරින් පිත් දොaෂය අධික වූ පුද්ගලයන්ගේ සම පැසවීමේ තත්ත්වය බහුල ලෙස දැකිය හැකි අතර වා, සෙම් දොaෂවල බලපෑමෙන් සම වියළීම ඉරිතැලීම හෝ කැසීම ආදී රෝග ලක්‍ෂණ ඇතිවීම සිදු වේ.

රක්‌ත දොaෂ ඇති කිරීමට ආහාර රටාව ද ප්‍රබල බලපෑමක්‌ සිදුකරන්නේය. බිලිං, ගොරකා සියඹලා, තක්‌කාලි, අන්නාසි, ආදී විටමින් සී පදාර්ථ බහුල ආහාරවල ඇති ඇස්‌කොබික්‌ ඇසිඩ්, සිට්‌රික්‌ ඇසිඩ් බහුල වීම හේතුවෙන් සහ උෂ්නාධික ආහාර වන දෙල්, කිරි අල, ඉස්‌සෝ, දැල්ලෝ, බල මාළු, කකුළුවෝ අධිකව පරිභෝජනය කිරීමෙන් ද මෙම රක්‌ත දොaෂය උදාවීම සිදු වේ.

මීට අමතරව රාත්‍රියේ නිදි වැරීම, දහවල නිදාගැනීම, තද අව්වේ ගමන් බිමන් යැම, කෑපිට යළි කෑම, විරුද්ධ ආහාර භෝජනය, මත්පැන් භාවිතය ආදී අහිතකර විහරණයන් නිසාද රක්‌ත දොaෂ හටගැනීම සිදු වේ.

ආහාර ජීර්ණ පද්ධතියේ දුර්වලතාවන් ද මෙම රක්‌ත දූෂණයට ප්‍රධානවම බලපෑම් කරයි. මෙය ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ ආම රසය හෙවත් අමු ආහාර රසය ලෙස හඳුන්වනු ලැබේ.

නිතර ඇතිවන වෛරය, ක්‍රෝධය, කනස්‌සල්ල, කාර්යබහුලත්වය නිසා ඇතිවන පීඩනය වැනි මානසික හේතූන් නිසා ද රක්‌ත දූෂ්‍ය වීම සිදුවේ. දියවැඩියාව වැළඳී එය සුවකර ගැනීමට නිතරම පෙති ගිලින්නන්ද විවිධ සමේ රෝගවලට ගොදුරු වන බව අප කරා පැමිණෙන රෝගීන් නිතරම පවසනු ලැබේ.

මෙම හේතූන්ට අමතරව ශාක වර්ගවල බූව ගෑමෙන්, දළඹුවන් ගෑමෙන් සහ කෘමි දෂ්ඨන මගින් සමෙන් පලු දැමීම් ඇති වී කැසීමේ තත්ත්වයක්‌ ඇති විය හැක. මෙම අසාත්මිකතා නිසා සම දරුණු ලෙස රෝගී වීමට ද හැකියාව පවතින්නේය. කෘමි දෂ්ඨ නිසා කුඩා බිබිලි හටගෙන ඒවා කැසීමේදී වතුර වැනි දියර පිටවී ඒවා සම පුරා පැතිරී ම ද සිදුවිය හැක.

සවස්‌ කාලයේ ඇගපත සේදීම, දිය නෑම නිසා සමහර පුද්ගලයන්ට සමෙහි පලු දැමීම ඇතිවන අවස්‌ථා ඇති අතර බොහෝ විට මෙම තත්ත්වයන් කාන්තාවන්ට වැඩිපුරම හටගැනීම සිදු වේ.

වාත රක්‌තය බහුලව ඇති අයට දෙපාවල දණහිස පහල ප්‍රදේශවල සම පුපුරා තෙත් දිය ගලන දැඩි කැසීම් ඇති වී තුවාල සිදුවන තරමට උග්‍ර විය හැකි අතර මේවා ඇඟිලිකරු ආශ්‍රිතව කැසීම්වලින් හටගැනීම සිදු වේ.

සමේ රෝගවල දරුණුම අවස්‌ථාව වන්නේ විවිධාකාරයෙන් හටගන්නා කුෂ්ඨ රෝගයන්ය. මේවා බොහෝ විට පෙර භවයන්වල කරන ලද අකුසල කර්මයන්ගේ බලපෑම මගින් ඇතිවන රෝගාබාධයන්ය.

ඒ ඒ පුද්ගලයන්ට ආවේණික වූ කර්මානුරූප හේතූන් අනුව එවැනි කුෂ්ඨ රෝගවල ව්‍යාප්තිය සිදුවී ස්‌ථානගත වන බැවින් ඖෂධ ප්‍රතිකාරයන්ට සමගාමීව මෛත්‍රී සහගතව සිදු කළ හැකි අධ්‍යාත්මික පුණ්‍ය ක්‍රියාවන්ට යොමු වීමෙන් මෙම රෝගී තත්ත්වයන් සුවකර ගැනීමේ හැකියාව ලැබෙන්නේය.

සමේ රෝග සමගම ඇදුම, අර්ශස්‌, මළ බද්ධය, ගැස්‌ට්‍රයිටීස්‌ ආදී ජීරණ පද්ධතියේ රෝග සෙම ඇවිස්‌සීම, සෙම් ගෙඩි ආදී තවත් කායික රෝග ගණනාවක්‌ම ඇතිවීමේ අවදානමක්‌ ද පවතී.

මෙම කරදරකාර සමේ රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීමේදී ඉහත සඳහන් සියලු රෝග ලක්‍ෂණයන් දෙස විමර්ශනශීලීව බලා එක එක රෝගයට නොව සියලු රෝගයන්ම ආවරණය වන පරිදි ප්‍රතිකාර ලබාදීම ආරම්භ කළ යුතුය.

බොහෝ විට බොහෝ පිරිස්‌ ආයුර්වේද ප්‍රතිකාර දෙස යොමුවීමට මැලිකමක්‌ දක්‌වන්නේ එම ප්‍රතිකාර සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නිවැරැදි ලෙස සොයා ගැනීමට ඇති අපහසුතාව සහ ඒවා ශරීරයේ ගල්වාගෙන ගමනක්‌ බිමනක්‌ හෝ යැමට ඇති අපහසුතාවන් නිසාය.

නමුත් දැන් අප සතුව ඉතා ඉහළ ප්‍රමිතියෙන් යුතු අමුද්‍රව්‍ය යොදා සැකසූ ප්‍රතිකාර ක්‍රම ඕනෑම කාර්යබහුල පුද්ගලයකුට ලබා ගත හැකි ලෙස සකස්‌ කර ඇති බැවින් බොහෝ දෙනෙක්‌ තම රෝග නිරෝග කර ගැනීම සඳහා දැන් ආයුර්වේදය දෙසට යොමුවෙමින් සිටී.

තමන්ට වැළඳෙන ඉතා කරදරකාරී මෙම සමේ රෝග ඉතා ඉක්‌මනට පහසුවෙන් ආයුර්වේද ප්‍රතිකාරවලට යොමුවීමෙන් සුවකර ගෙන නිරෝගී ජීවිතයකට මග විවර කර ගන්නා ලෙස අප සැමගෙන්ම ඉල්ලා සිටිමු.

සමේ රෝගවලට  නිවැරදි පිළියම් මෙන්න