ලංකාවේ 'ඒඩ්ස්' මරණ වැඩිවෙයි

ලංකාවේ 'ඒඩ්ස්' මරණ වැඩිවෙයි
මේ වසරේ ගත වූ කාලය තුළ ඒඩ්ස් රෝගය වැලඳුණු පුද්ගලයන් 34 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ගිය වසරට සාපේක්ෂව මේ වසර තුළ ඒඩ්ස් රෝගය වැලඳීමෙන් මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ජාතික ලිංග ආශි්‍රත රෝග සහ එච්. අයි. වී. ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ, වෛද්‍ය සිසිර ලියනගේ මහතා ප්‍රකාශ කරයි.

වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසන්නේ මේ වන විට මෙරට තුළ ඒඩ්ස් මරණ 405ක් සිදුව ඇති අතර එයින් සියයට 50කට වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවය.

මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ එච්. අයි. වී. ආසාදනය වූ පුද්ගලයන් 215 දෙනකු හඳුනාගෙන ඇති අතර එයින් වැඩි දෙනකු අවුරුදු 25ත් 50ත් අතර වයසේ පසුවන අය බව පවසන ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ එච්. අයි. වී. ආසාදනය වී ඇති බව පළමුව හඳුනා නොගැනීම ඒඩ්ස් මරණ ඉහළ යෑමට හේතු වී ඇති බවයි.