මන්නාරමේ විශේෂ පොලිස් බළකා කඳවුර ඉවතට

 විශේෂ පොලිස් බළකා කඳවුර
මන්නාරම තලෙයිමන්නාරම ප්‍රධාන වීදියේ දෙකේ කණුව ප්‍රදේශයේ පිහිටා තිබූ පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුර පෙරේදා (01දා) සිට ඉවත් කළ බැව් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීහු පවසති.

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පැවැසුවේ කඳවුරු නිලධාරීන් වවුනියාව, කුරුක්කල්, පුදුකුලම පිහිටි පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට අනුයුක්ත කොට ඇති බවයි.

වසර අටක කාලයක් මන්නාරම පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුර ලෙස පැවැති කඳවුර එලෙස ඉවත් කොට ඇති බැව් මන්නාරම ආරක්‍ෂක අංශ පවසයි.
අදාළ කඳවුර ඉවත් කිරීමත් සමඟ මන්නාරම හා තලෙයිමන්නාරම ප්‍රදේශ වෙත කිසිදු පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරක් නොමැති බව මන්නාරම ආරක්‍ෂක අංශ පවසයි.

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි සෙල්වම් අඩෙක්කලනාදන් මහතා ඇතුළු දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් මන්නාරම පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුර ඉවත් කරන ලෙසට පසුගිය සමයේ විරෝධතා ව්‍යාපාරයක් දියත් කර තිබිණි.