බෙදුනා ඇති එක් වී වැඩ කරමු - ට්‍රම්ප්

බෙදුනා ඇති එක් වී වැඩ කරමු
ඇමෙරිකාව බෙදුණ කාලය අවශයන් බවත් සෑම දෙනාටම එකට එකතු වී වැඩ කිරිමට කාලය පැමිණ ඇති බව ලෝකයේ නව බලවතා වශයෙන් පත්වූ ඇමෙරිකානු නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ජනපතිවරණය ජයග්‍රහණය කිරීමෙන පසුව සිය පළමු කතාව කරමින් ට්‍රම්ප් මේ බව පැවැසීය. ඇමෙරිකාව ලස්සන රටක් බවට පත්කිරිමට එක්වෙන ලෙස ඔහු ආරාධනා කළේය.

"කාර්යය අවසන්. මට ලේකම් හිලරි ක්ලින්ටන් කතා කර සුබ පැතුවා. මම ඇයට හා ඇයගේ පවුලට සුබ පතනවා. ඇය හොඳින් සටන් කළා.හිලරි මහන්සියෙන් විශාල කාලයක් වැට කළා. මට අතීයේ සහාය නොකළ ජනතාවට මම කියන්නේ අපේ ශ්‍රේෂ්ඨ රටක් නිර්මාණය කිරිමට මට ඔබගේ උදව් අවශ්‍යයි. අපිට තිබුණේ මැතිවරණ ව්‍යාපායක් නෙමෙයි. මිලියන ගණනක ජනතාවක් මහන්සියෙන් කළ ශ්‍රේෂ්ඨ ව්‍යාපාරයක්. රිපබ්ලිකන් හා ඩිමොක්‍රටික් වශයෙන් බෙදුන කාලය අවසන්. එකට එක්ව එක ජාතියක් ලෙස ඉදිරියට යන්න කාලය ඇවිල්ලා. එකට එකතු වී ශ්‍රේෂ්ඨ රටක් හදමු" යනුවෙන්ද ඔහු පැවැසීය.