මොළේ උණ පතුරුවන මදුරු විශේෂයක්‌ කොළඹ

මොළේ උණ පතුරුවන මදුරු විශේෂයක්‌
මොළේ උණ පතුරුවන මදුරු විශේෂයක්‌ කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශවල වර්ධනය වීමේ දැඩි අවදානමක්‌ මේ වන විට මතුව ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය රුවන් විජයමුනි මහතා පැවැසීය.

විශේෂයෙන් සවස 6.00 ත් රාත්‍රි 10.00 ත් අතර කාලය තුළ එම මදුරු විශේෂය දෂ්ට කිරීමේ හැකියාවක්‌ පවතින බවද ඒ මහතා කීය.

බරවා රෝගය පතුරුවන මදුරු විශේෂ ගණයට අයත් කියුලෙක්‌ස්‌ ජෙලිඩර්ස්‌ නමැති මෙම මදුරුවා ප්‍රමාණයෙන් ඉතා කුඩා බවද හෙතෙම සඳහන් කළේය.

එම මදුරුවා මිනිස්‌ ශරීරයට දෂ්ට කිරීමෙන් පසු එම ස්‌ථානවල දැවිල්ල, කැසීම සහ රතු පැහැ ගැන්වීම වැනි රෝග ලක්‍ෂණ දැකිය හැකි බවද විශේෂඥ වෛද්‍ය රුවන් විජයමුනි මහතා වැඩිදුරටත් කීය.