මහින්දට එරෙහිව ලංගමය දැමූ නඩුවට කල් ඉල්ලයි

මහින්දට එරෙහිව ලංගමය දැමූ නඩුවට කල් ඉල්ලයි
පසුගිය ජනාධිපතිවරණයේදී සන්ධාන අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් ලබා ගත් බස් රථවලට අයවිය යුතු රුපියල් කෝටි 14.25ක මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් ගොනු කර තිබූ නඩුව අද (22) කොළඹ වාණිජ මහාධිකරණයේදී කැඳවා තිබේ.

ලංගමය විසින් මෙම නඩුව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂට එරෙහිව ගොනු කර ඇති තිබෙන අතර ඔහුට අමතරව සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රීලනිපයේ හිටපු මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණි. එහෙත් සංශෝධිත පැමිණිල්ලක් මගින් ඔවුන් දෙදෙනාගේ නම් නඩුවෙන් ඉවත් කරගෙන තිබේ.

අද දින අධිකරණය හමුවේ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටී නිතීඥයින් ඉල්ලා ඇත්තේ සංශෝධිත පැමිණිල්ලට විරෝධතා ගොනු කිරීමට අවශ්‍ය බවය. ඒ අනුව නඩුව 2017 වසරේ ජනවාරි 26 වැනි දින යළි කැඳවීමට කොළඹ වාණිජ මහාධිකරණයේ විනිසුරුවරයා නියෝග කර තිබේ.