බොදු බල සේනාවෙන් ට්‍රම්ප්ට සුබ පැතුම්

අමෙරිකාවේ මීලඟ ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ජය ගැනීමත් සමග ඔහුට සුබ පැතීමට බොදු බල සේනා සංවිධානය ක්‍රියා කර තිබෙනවා.

ට්‍රම්ප් මහතා, ලෝක සාමයට තර්ජනයක් වෙමින් පවතින ඉස්ලාමික ත්‍රස්තවාදය මුලිනුපුටා දමන බවට සෘජුව ප්‍රකාශ කරමින් අරාබි මුදල් ඇතුළු සියලු අන්තවාදී බලවේග ඉදිරියේ නොසැලෙමින් සිටි බවට යි එම සංවිධානය සඳහන් කරන්නේ.

රුසියානු ජනාධිපතිවරයා විසින් ගෙනගිය ඉස්ලාමික ත්‍රස්ත සංවිධාන මර්ධනය කරමින් ලෝක සාමය උදාකරලීමේ වැඩසටහන සඳහා බටහිර බලවතුන් විසින් විධිමත් සහයෝගයක් නොදුන් නමුත් නව අමෙරිකානු ජනාධිපතිවරයා එසේ කටයුතු නොකර ලෝක බලවතුන් සියල්ල හා එක් වී ලෝක සාමය පිණිස කැපවනු ඇති බවට බොදු බල සේනා සංවිධානය අපේක්ෂා කරනවා.