ඥානසාර හිමිට ඉන්දියාවෙන් තහංචි

ඉන්දියාව බලා පසුගියදා(25) වැඩම කළ බොදුබලසේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ එරට ආගමන විගමන නිලධාරීන් විසින් ආපසු හරවා එවා තිබේ.

ස්වාමින් වහන්සේට නැවත මෙරටට වැඩ කිරීමට සිදුවූයේ ගමන් බලපත්‍රයේ ඇතිවූ වීසා ගැටලුවක් නිසා බව බොදුබල සේනා සංවිධානයේ ප්‍රකාශකයකු පැවැසීය. ඉන්දියාවේ පැවැත්වෙන සාහිත්‍ය උත්සවයකට සහභාගිවීම සඳහා ඥානසාර හිමියෝ පසුගිය 25 දින රාත්‍රීයේ ඉන්දියාව බලා වැඩමකර ඇති අතර ඇතිවූ වීසා ගැටලුවක් නිසා 26දින නැවත මෙරටට වැඩම කරවූහ.