ආර්ථික වර්ධනය පහළට

ආර්ථික වර්ධනය පහළට
මේ වසරේ (2016) පළමු මාස හයේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 3.9 ක්‌ දක්‌වා පහත වැටී ඇත.

ගිය වසරේ (2015) පළමු මාස හයේ වාර්තා වූ ආර්ථික වර්ධනය සියයට 5.7 ක්‌ විය.

සියයට 3.9 ක ආර්ථික වර්ධනයට ප්‍රධාන වශයෙන්ම කර්මාන්ත හා සේවා අංශවල පැවැති අඛණ්‌ඩ වර්ධනය හේතු වූ අතර කෘෂිකාර්මික අංශයේ පැවැති පසුබෑම ආර්ථික වර්ධනය අඩුවීමට හේතු වී ඇත. මේ අනුව කෘෂිකාර්මික අංශය ගිය වසරේ (2015) පළමු මාස හයේදී පැවැති සියයට 8.1 ක ආර්ථික වර්ධනයේ සිට මේ වසරේ (2016) පළමු මාස හයේදී සියයට 2.5 කින් පසුබෑමට ලක්‌ විය.

මේ වසරේ (2016) පළමු මාස හයේදී කර්මාන්ත අංශය සියයට 5.2 කින් සහ සේවා අංශය සියයට 4.9 කින්ද වර්ධනය වී ඇතැයි මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්‌වේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත