අද කොළඹ රථ වාහන ගමනාගමනය සිදුකළ යුතු අයුරු


නොවැම්බර් 5 සෙනසුරාදා සවස 6 ට නිදහස් චත්‍රරශ්‍ර භූමියේ පවත්වන්නට නියමිත ආචාර්ය අමරදේවයන්ගේ අවසන් කටයුතු හා දවස පුරා ජනතාව දේහයට ගෞරව කරන්නට පැමිණේමේ හේතු මත සෙනසුරාදා උදේ 7 සිට රාත්‍රිය වනතුරු කොළඹ මාර්ග කිහිපයක සීමා පනවා තිබේ.

මෙම කාලය තුළ අවසරලත් වාහන පමණක් නිදහස් මාවතට ඇතුළු කරන බවත් ඒ අවට අතුරු පාරවල් වලටද සීමා පවතිනු ඇති බවත් විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් පොලිසිය ඉල්ලා සිටී. ගෞරව දක්වන්නට පැමිණෙන අය හා අවසන් උත්සවයට සහභාගී වන අයට රථගාල් ලෙස ආනන්ද කුමාරස්වාමි මාවත,රාජකීය මාවත,ග්‍රෙගරිපාර,එෆ්ආර් සේනානායක මාවත,මෙට්ලන්ඩ් පෙදෙස,ජාතික රූපවාහිනී භූමිය,ආකේඩ්,පදනම් ආයතනය,පාපන්දු සම්මේලනය,තුරග තරග පිටි රථගාල,මලලසේකර මාවත,ටොරින්ටන් හා සීආර්එෆසී ඉදිරිපිට රථගාල් වෙන් කර ඇත.