'ආවා ගෲප් ' කල්ලියට මාත් කැමති නෑ

විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන්
උතුරේ "ආවා ගෲප්" සංවිධානයට තමන් පමණක්‌ නොව උතුරේ ජනතාවත් අකැමැත්ත පළ කරන බව විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පැවැසීය.

උතුරේ ආවා ගෲප් සංවිධානය සම්බන්ධයෙන් සම්බන්ධන් මහතා දරන අදහස්‌ පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කළ අවස්‌ථාවේ හෙතෙම එසේ කියා සිටියේය. වැඩිදුරටත් ඒ මහතා මෙසේද කීය.

ඔය සංවිධානය හිතන තරම් ලොකු එකක්‌ නෙමේ. මේ පිරිස උතුරේ ජනතාවට හරියට කරදර කරනවා. ඒගොල්ලෝ කඩුපොලු අරගෙන නිකං ප්‍රශ්න ඇති කරනවා. ජනතාව විතරක්‌ නෙමේ මමත් මේ උදවියට කැමති නැහැ.

උතුරේ ජනතාව හොඳින් ජීවත් වෙන්න කැමතියි. මෙම ආවා ගෲප් සංවිධානය නැති ප්‍රශ්න ඇති කරන්න හදනවා. මේවාට අපි ඉඩ දෙන්න නරකයි. මේ ගොල්ලන්ගේ යටි අරමුණ ආණ්‌ඩුවට කරදර දෙන්නයි. මේ උදවියට කවුරු හෝ උදව් කරනවා ඇති. අපි ඒවාට විරුද්ධයි.