මහින්ද ට්‍රම්ප්ට සුභ පැතූ හැටි

 මහින්ද
ඇමරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපතිවරයා ලෙස තේරීපත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් හට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුභ පතා තිබෙනවා.

ඔහු මෙම සුභ පැතුම් පණිවුඩය නිකුත් කර තිබුණේ සිය ෆේස්බුක් පිටුව හරහායි.තමා ඩොනල්ඩ් ට්‍රම්ප්හට සුභ පතන බවත් වඩාත් වැදගත්ම දේ තමාගේ රටට ආදරය කිරීම බව මෙම ජයග්‍රහණයෙන් පිළිබිඹු වන බවත් ඔහු මෙහිදි සඳහන් කර තිබුණා.