එල්. ටී. ටී. ඊ. කත රටින් පන්නයි

එල්. ටී. ටී. ඊ.
එල්. ටී. ටී. ඊ. සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ රූපය සහිත පෝස්‌ටර් 33 ක්‌ හා යතුරු රඳවන (කී ටැග්) තොගයක්‌ සන්තයේ තබා ගැනීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කොට තිබූ ජර්මනියේ පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකික කාන්තාව වහාම රටින් පිටුවහල් කිරීමට කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය පසුගියදා නියෝග කළාය.

පසුගිය 11 වැනිදා චුන්නාගම් ප්‍රදේශයේ සැරිසරමින් සිටියදී චුන්නාගම් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ එම කාන්තාව ත්‍රස්‌ත විමර්ශන ඒකකය වෙත භාරදී තිබිණි.
මලර්මිලි විශ්වරාජා නමැති එම සැකකාරියගේ දෙමව්පියන් එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌ත සංවිධානයේ සාමාජිකයින් ලෙස කටයුතු කර ඇති බවට හා එම සැකකාරිය මෙයට වසර 15 කට පමණ පෙර ජර්මනියට ගොස්‌ එහි පුරවැසිභාවය ලබාගත් අයකු බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද ත්‍රස්‌ත විමර්ශන ඒකකය අධිකරණයට පෙන්වා දුන්නේය.