පස්‌ කන්දක්‌ කඩා වැටී 6ක්‌ යට වෙති

පස්‌ කන්දක්‌ කඩා වැටී 6ක්‌ යට වෙති
ඉකුත් 05 වැනිදා පෙරවරුවේ නුවරඑළිය ග්‍රෙගරි වැව ආසන්නයේ වැඩ බිමක සේවයේ නියුතු සේවක පිරිසක්‌ මතට පස්‌ කන්දක්‌ කඩා වැටීමෙන් බරපතළ තුවාල ලැබූ 06 දෙනකු නුවරඑළිය මූලික රෝහලට ඇතුළත් කර ඇත.

ග්‍රෙගරි වැව ආසන්නයේ අභයපුර මාර්ගය අසල තාප්පයක්‌ සෑදීම සඳහා අත්තිවාරම් කපමින් සිටියදී අඩි 15 ක්‌ පමණ වූ පස්‌ කන්ද හිටිහැටියේ සේවය කරමින් සිටි පිරිස මතට කඩා වැටී ඇත.

අනතුර වූ විගස ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතුව නුවරඑළිය පොලිසිය, යුද හමුදාව සහ නුවරඑළිය මහ නගර සභාව විසින් යටවූ පිරිස ගොඩගෙන ප්‍රතිකාර සඳහා නුවරඑළිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු, බරපතළ තුවාල ලැබූ පිටකින්ද, දෙනියාය පදිංචිකරුවකු වන 21 වියෑති ඩබ්. ඒ. ඉෂාර කසුන් විදුලන නමැති අය මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇත. මිරිස්‌වත්ත පාර පිටකන්ද දෙනියාය පදිංචි වයස 55 යූ. ඩී. ප්‍රේමසිරි, මාකුඩුකල රාගල පදිංචි 21 හැවිරිදි සුබ්‍රමනියම් සත්‍යරාජා, මහකුඩුගල රාගල පදිංචි 23 හැවිරිදි කනගරාඡ් විඡේන්ද්‍රන් වසයාය, දෙනියාය පදිංචි දිනේස්‌ කාන්තන් යන අය නුවරඑළියේ මූලික රෝහලේ ප්‍රතිකාර ලබති. නුවරඑළිය පොලිසිය වැඩිදුර පරීක්‌ෂණ සිදු කරයි.