වසර 68කට පසු සුපිරි හඳක්

2016නොවැම්බර් මස පුර පසළොස්වක පොහොය දින(14 වෙනිදා) වෙනත් පුරපසළොස්වක දින වලමෙන් නොව චන්ද්‍රයා විශාලව දැකගත හැකි අවස්ථාවක් වසර 68 කටපසු පෘථිවි වාසීන්ට උදාවේ.

මෙය සුපිරි හඳ (Super Moon) ලෙසහඳුන්වයි.

මෙම අවස්ථාවේදී චන්ද්‍රයා 14% ක ප්‍රමාණයකින් විශාලව දිස්වන අතර 30% ක ප්‍රමාණයකින් දීප්තිය වැඩිවී දැකගත හැක.

මින් පෙර මෙවැනි අවස්ථාවක් සිදුවී ඇත්තේ 1948වසරේදී වන අතර නැවතත් මෙවැනි සුපිරි සඳක් පෘථිවි වාසීන්ට දැකගත හැකි වන්නේ 2034නොවැම්බර් මස 25දිනය.

චන්ද්‍රයා පෘථිවිය වටා ඉලිප්සාකාර ගමන් මාර්ගයක ගමන් කරන අතර එම ගමන් මාර් ගයේ පෘථිවියට ආසන්නයෙන් ගමන් කරන අවස්ථාවකදී එදින පුරපසළොස්වක පොහොය දිනයක් වුවහොත් මේ ආකාරයට චන්ද්‍රයා විශාලව දිස්වේ.

එමෙන්ම මෙම අවස්ථාවේදී සූර්යයා පෘථිවිය සහ චන්ද්‍රයා යන ආකාශ වස්තූන් තුනම එකම රේඛාවක පිහිටයි.

මේ වසරේදී අපට මෙලෙස හඳ විශාලව දිස්වන අවස්ථාවන් තුනක් උදාවේ.

ඒ ඔක්තෝබර් 16, නොවැම්බර් 14 සහ දෙසැම්බර් 14වන අතර නොවැම්බර් 14වෙනිදා හඳ වැඩිපුරමවිශාලත්වයෙන්දැකිය හැකි දිනයයි.

පෘථිවිය සහ චන්ද්‍රයා අතර සාමාන්‍ය දුර කි.මී 384,400පමණ වේ.

නමුත් සුපිරි හඳක් දිස්වන 2016නොවැම්බර් 14දින චන්ද්‍රයා සහ පෘථිවිය අතර දුර කි.මි. 356,509 ක් පමණ වේ.

එක් එක් වර්ෂයේදී චන්ද්‍රයා පෘථිවියටආසන්නව ගමන් කල දිනයන් පහතින් දක්වා ඇති අතර ඒ ඒ අවස්ථා වල පෘ‍ථිවියේ සිට චන්ද්‍රයාට ඇති දුර පිළිබඳව ඔබට අවබෝධයක් ලබාගත හැක.


උදම් රළ ඇතිවීමේදීද චන්ද්‍රයාගේ බලපෑමක් ඇති බව අප හොඳින් දන්නා කරුණකි. ඒ අනුව මෙදින චන්ද්‍රයා පෘථිවියට ආසන්න වීම හේතුවෙන් උදම් රළ වල වැඩිවීමක්ද සිදුවිය හැක.

මෙම සංසිද්ධිය පියවි ඇසින් නිරීක්ෂණය කල හැකි බවත් එදින රාත්‍රී 7.30 ට පමණ අහස බැලීමෙන් චන්ද්‍රයාගේ දීප්තිය සහ විශාලත්වය වැඩිවී ඇති අයුරු ඔබට දැකිය හැකි වනු ඇත.

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ ඉදිරිපත් කිරීමකි.