මර්වින්ට ලක්ෂ 4ක් වන්දි ගෙවන්න වෙයි

2010 වසෙර් 9වන මස 18 වනදා කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට අයත් නිවස වටා පිහිටි තාප්පය හා ඒ අශ්‍රිත ඉදිකිරීම් පාර පලල් කිරීමට යැයි කියා ප්‍රදේශීය සභාවේ බැකෝ යන්ත්‍ර යොදා ගෙන කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් වූ මෙම නඩුව අද කැඳවනු ලැබුවා.

එවකට පැවති රජයේ අමාත්‍යවරයෙකු වු මර්වින් සිල්වා, ප්‍රසන්න රණවීර, කිරිබත්ගොඩ පොලිස් ස්ථානිධිපති හා නීතිපති අතුළු 8දෙනෙකුට විරුද්ධව කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරු විසින් ගොනුකර තිබූ ගොනුකර තිබූ පෙත්සම විභාගයට ගනිමින් මර්වින් සිල්වා මහතාට රු ලක්ෂ 4ක් හා පොලිස් ස්ථානාධිපති වරයට රු 50,000 බැගන් එම පදංචිකරුට පුද්ගලික වන්දියක් ලෙස ගෙවන ලෙස අධිකරණය නියෝග කරනු ලැබුවා.

මෙම නඩුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද විභාගයට ගැනුනේ.