රුපියල් 2500 ක දඩ මුදල රවී පැහැදිලි කරයි

රුපියල් 2500 ක දඩ මුදල රවී පැහැදිලි කරයි
රුපියල් 2500 ක දඩ මුදලක්‌ අයවැයෙන් යෝජනා කළේ රියෑදුරු බලපත්‍ර රහිතව වාහන ධාවනය කිරීම වැනි වැරදි සඳහා මිස අවම රථවාහන දඩයක්‌ ලෙස නොවන බව මුදල් ඇමැති රවි කරුණානායක මහතා කීවේය.

මේ අනුව ඉර කැපීම හෝ වාහනයක්‌ වැරැදි තැනක නැවැත්වීම වැනි වැරදි සඳහා රු. 2500 ක දඩයක්‌ අයකර ගැනීමට රජයට අවශ්‍ය නැති බවද මුදල් ඇමැතිවරයා කීවේය.

නීතිය සුරකින සමාජයක්‌ ඇති කිරීම අවශ්‍ය බවද ඒ නිසා මේ දඩ මුදල් ඉහළ නැංවීම සිදු කළ බවද ඇමැතිවරයා කීවේය.

මේ සම්බන්ධයෙන් ඇමැති මණ්‌ඩලයේ අවධානය යොමු කළ අතර එහිදී රථවාහන වැරදි සම්බන්ධයෙන් පමණක්‌ නොව තවත් ක්‍ෂේත්‍ර කිහිපයක්‌ සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ගැන අවධානය යොමු වූ බවද මුදල් ඇමැතිවරයා කීවේය.

කොළඹ ටාඡ් සමුද්‍ර හෝටලයේදී ඊයේ (15 දා) දවල් පැවැති අයවැය සම්මන්ත්‍රණයකදී මුදල් ඇමැතිවරයා මේ බව කීවේය.