ෆැෂන් බග් ගින්නේ අලාභය මිලියන 200 යි

Fire at Fashion Bug store in Pepiliyana
ඊයේ රාත්‍රී ගිනි ගැනීමට ලක් වූ බොරලැස්ගමුව, පැපිලියානේ ෆැෂන් බග් ගබඩා සංකීර්ණය නිසා එම අලෙවි සලේ වටිනා රෙදි පිළි ගාහභාණ්ඩ ඇතුළු බොහෝ දේ විනාශවී ඇති අතර ඉදිරියට කාලයක් යනතුරු අලෙවි කටයුතු අරඹන්නට නොහැකි වාතාවරණයක් උදාවී ඇත.

මේ ගැන පරීක්ෂාවට ලක් කිරීම සදහා රජයේ රස පරීක්ෂක වරයා එම ස්ථානයට අද දහවල් පැමිණි අතර තක්සේරු කර තිබෙන පාඩුව රුපියල් මිලියන 200 ක් පමණ වන බවද වාර්තා විය.

මේ  පිළිබඳ පරීක්ෂණ කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත බාරදී තිබේ.සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවට පොලිස් මූලස්ථානය දැනුම් දී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

ඒ අනුව පරීක්ෂණ කටයුතු සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහය ද ලබාගෙන ඇති බව පොලිස් මූලස්ථානය පැවසීය.

ගින්න ඇතිවීමට හේතුව සොයාබැලීම සඳහා ඉහළ තාක්ෂණික ක්‍රමවේද සහ එම රෙදිපිළි අලෙවිසැල ආශ්‍රිත පරිශ්‍රයෙන් ලබාගත් සීසීටීවී දර්ශනද උපයෝගී කරගන්නා බවට පොලීසිය ප්‍රකාශ කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.