දියණියට අතවර කළ පියා වසර 18 ක්‌ හිරේ

දියණියට අතවර
සිය දහසය හැවිරිදි එකම දියණියට අතවර කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ පියාට වසර 18 ක බරපතළ වැඩ ඇතිව සිර දඬුවමක්‌ සහ රුපියල් දස දහසක දඩයක්‌ ගෙවන ලෙසට මාතර මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් නියෝග කරන ලදී.

දඩය නොගෙවන්නේ නම් තවත් සය මසක සිර දඬුවමක්‌ ද නියම විය. මෙසේ දඬුවම් නියම වූයේ අකුරැස්‌ස පදිංචි 60 හැවිරිදි එක්‌දරු පියෙකුටය.

වර්ෂ 2000 මාර්තු 10 දින හා මැයි 10 දින අතර කාලය තුළ දී අකුරැස්‌සේ දී එවකට 16 හැවිරිදි වියේ පසු වූ එකම දියණියට අතවර කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධව චෝදනා 3 ක්‌ යටතේ විත්තිකරුට එරෙහිව මෙම නඩුව විභාග විය.පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ නුවන් කෞෂල්‍ය මහතා පෙනී සිටියේය.