කොළඹට අනිද්දා පැය 12 ක්‌ ජලය කපයි

කොළඹට අනිද්දා පැය 12 ක්‌ ජලය කපයි
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක ජල සැපයුම අනිද්දා (19 වැනිදා) උදැසන 9.00 සිට රාත්‍රි 9.00 දක්‌වා පැය 12 ක කාලයක්‌ තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලය සඳහන් කරයි.

එසේ ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ වන්නේ, කොළඹ, දෙහිවල, ගල්කිස්‌ස, කෝට්‌ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්‌ගමුව, කොලොන්නාව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සහ රත්මලාන වේ.