පරිගණක 1000 ගුණයකින් වේගවත් වෙයි

IBM is growing microchips that could make computers 1,000 times faster
පරිගණක හා ජංගම දුරකථන දැනට පවතිනවාට වඩා දහස් ගුණයක් වේගවත් වන ලෙස ‘කාබන් චිප්‘ යොදාගෙන නිපදවිය හැකි තාක්ෂණයක් නිව්යෝක්හි අයිබීඑම් රසායනාගාර පර්යේෂක විද්‍යාඥයින් පිරිසක් විසින් සොයාගනු ලැබ තිබේ.

ක්ෂුද්‍ර නැනෝ බට අවශ්‍ය පරිදි හැසිරවීමට සොයාගත් නව තාක්ෂණ ක්‍රමවේදයත් සමඟ මෙතෙක් භාවිත කළ ‘ සිලිකා‘ වෙනුවට‘කාබන් චිප්‘ යොදා ගැනීමට මේ විද්‍යාඥයන් කටයුතු යොදා ඇත. ඒවා කෙතරම් සියුම්ද යත් පරිගණකයට එන්නත් කිරීමට හැකි තරම් කුඩා වන අතර නම්‍යශීලී ආකාරයට තැනීමටද මින් හැකියාව ලැබේ.

ලැප්ටොප්, ටැබ්, ස්මාට් ජංගම දූරකථන ඇතුළු සියල්ල ඉදිරි දස වසර තුළදී මේ නිසා වෙනස් මඟක් ගනු ඇති අතර පිළිකා සඳහාද මේ නව සොයාගැනීම මඟින් ප්‍රතිකාර ලබාදීමට හැකිවනු ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි.