CSN බලපත්‍රය තහනම් කරයි

රූපවාහිනී නාලිකා පවත්වා යන ආයතන සිය නාලිකාවේ සේවා අඛණ්ඩතාව පිළිබ‍ඳ වගකිව යුතු අතර එම නාලිකා දීර්ඝ කාලයක් කඩින් කඩ විකාශය කිරීම කළ නොහැකිය. බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීම නිසා CSN නාලිකාවේ බලපත අහෝසි කර තහනම් කිරීමට ජනමාධ්‍ය අමාත්‍යංශය කටයුතු කළ බව අද ජනමාධ්‍ය ලේකම්වරයා දැනුම් දී ඇත.

පසුගිය රජය සමයේ අරඹන ලද මෙම නාලිකාවේ අයිතිය සම්බන්ධයෙන් පරස්පර විරෝධතා පැවතීම නිසා වෙනම නඩුවක්ද තවමත් විභාග වෙමින් පවතී.මෙම ආයතනය අයත් බාහිර පටිගත බස් රථයද පසුගියදා රාජසන්තක වූ අතර පසුව එය ජාතික රූපවාහිනියට පැවරිණි.