ශ්‍රී ලංකාවට ඕනෑම සහායක් ලබාදෙනවා

ශ්‍රී ලංකාව තුළ අද සිදුවෙමින් තිබෙන පරිවර්තනය පිළිබඳ තමා ඉතා සතුටට පත්වන බවත් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහායක් ලබාදීමට සූදානම් බවත් රුසියානු ජනාධිපති ව්ලැඞ්මියර් පුටින් මහතා ශ්‍රී ලංකා ජනපති හමුවේ සහතික විය.

බි්‍රක්ස් – බිම්ස්ටෙක් සමගාමී සමු`ථවට සහභාගීවීමට ඉන්දියාවේ ගෝව නගරයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රුසියා ජනාධිපති ව්ලැඞ්මියර් පුටින් මහතා අතර විශේෂ හමුවක් පෙරේදා (16) රාත්‍රියේ පැවැත්වුණු අතර එහිදී රුසියානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතා උණුසුම් ලෙස පිළිගත් රුසියානු ජනාධිපතිවරයා සිය සුබපැතුම් පිරිනැමීය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ රුසියාව ශ්‍රී ලංකාවට දැක්වූ කොන්දේසි විරහිත සහාය වෙනුවෙන් මෙහිදී සිය ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා එම මිත්‍රශීලී සබඳතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට කටයුතු කරන බව ද කියා සිටියේය.

මේ අතර චීන ජනාධිපති ෂී ජිං පිංග් මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් ද පෙරේදා (16) රාත්‍රියේ සිදු විය.
මිත්‍රශීලී රාජ්‍යයන් ලෙස දෙරටේ සමීප සබඳතා තවදුරටත් ඉහළ නංවා ගැනීම පිළිබඳ මෙහිදී රාජ්‍ය නායක දෙපළ සාකච්ඡා කළ අතර චීන- ශ්‍රී ලංකා මිත්‍රත්වයට වසර 60 ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වීමට නියමිත උත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳව ද සාකච්ඡා කළහ.

ශ්‍රී ලංකාවේ වේගයෙන් ව්‍යාප්තවන වකුගඩු රෝගය නිවාරණය වෙනුවෙන් චීන රජය දක්වන සහය අගය කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චීන – ශ්‍රී ලංකා මිත්‍රත්වයට වසර 60 ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයේ දී ශ්‍රී ලංකාවේ වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීමට ද චීන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළේය.

මොරගහකන්ද සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් චීන රජය දක්වන දායකත්වය අගය කළ හෙතෙම ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික සංවර්ධන කටයුතුවලට චීන රජයේ ආධාර යටතේ ක්‍රියාත්මකවන සංවර්ධන ව්‍යාපෘති මහත් ශක්තියක් බවද කියා සිටියේය.

දෙරට අතර ආනයන, අපනයන කටයුතු තවදුරටත් පු`ථල් කර ගැනීම පිළිබඳව ද චීන – ශ්‍රී ලංකා නායකයෝ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.