තායිලන්ත රජු අභාවප්‍රාප්ත වෙයි

ලොව වැඩිම කාලයක් රාජ්‍යත්වය දරමින් සිටි තායිලන්තයේ භූමිබෝල් අදුල්යාදේජ් රජු අවුරුදු 88ක් ආයු වළඳා අද (13දා) අභාවප්‍රාප්ත වී තිබේ.

වසර 70ක් රාජකීය සිහසුන දැරූ භූමිබෝල් අදුල්යාදේජ් රජු තායිලන්තය තුළ සිදුවූ විවිධ දේශපාලන හැලහැප්පීම් මාධ්‍යයේ වුවද, ජනතාවගේ නොමඳ ගෞරවාදරයට පාත්‍ර වෙමින් ඉන්ද්‍ර කීලයක් සේ නැගී සිටි යුග පුරුෂයෙකු ලෙස සැලකෙයි.

පසුගිය වසර කිහිපය පුරා රෝගාතුරව සිටි භූමිබෝල් රජු, එම කාලය පුරාවට ජනතාව ඉදිරියට පැමිණියේද අවස්ථා කිහිපයකදී පමණි.

ඒ අනුව, තායිලන්තයේ නව ඔටුන්න හිමි මහා වජිරාලොන්ග්කෝර්න් එරට නව රජු ලෙස කිරුළු පළඳිනු ඇති බව තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන්-ඕචා පවසා සිටියි.

එමෙන්ම, රජුගේ අභාවය වෙනුවෙන් වසරක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කිරීමටද තායිලන්ත අගමැතිවරයා කටයුතු කර තිබේ.