ප්‍රභාකරන්ගේ ‍පෝස්ටර් ඇලවූ කතක් අත්අඩංගුවට

කොටි නායක වේළුපිල්‍ලේ ප්‍රභාකරන්ගේ රුව ඇතුළත් ‍පෝස්ටර් සහ මහවිරු දිනය ඇතුළු ඊළාම් සිහිවටන දිනයන් සඳහන් ‍පෝස්ටර් අලවමින් සිටි කාන්තාවක යාපනය චුන්නාකම් ‍පොලිසිය මගින් ඊයේ (11) වැනිදා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කාන්තාව පසුව ත්‍රස්ත විමර්ශන ඒකකයේ භාරයට ගෙන ඇති අතර ප්‍රශ්න කිරීම් සදහා කොළඹට රැගෙන විත් තිබේ.

ඊශ්වරරාජා මලර්විලි නමැති 43 හැවිරිදි සැකකාර කාන්තාව ජර්මනියේ පුරවැසිභාවය ලබා ගනිමින් එරට පදිංචිව සිටින අතර ඉකුත් 23 වැනිදා ඇය මෙරටට පැමිණ ඇත.

යාපනය, මරුදනාමඩම් ප්‍රදේශයේදී මීට දින කිහිපයකට පෙර කොටි නායක වේළුපිල්‍ලේ ප්‍රභාකරන්ගේ සහ මහවිරු දිනය ඇතුළු ඊළමේ ශෝක දිනයන් සඳහන් කර ඇති ‍පෝස්ටර් තැනන් තැන අලවා තිබුණු අතර මේ සම්බන්ධයෙන් උතුරු පළාත භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති සරත් කුමාර සහ යාපනය නියෝජ්‍ය ‍පොලිස්පති සංජීව ධර්මරත්න මහත්වරුන්ගේ උපදෙස් මත ‍පොලිසිය පරීක්ෂණ සිදු කළේය.