අපේක්ෂා රෝහලේදී ඇටමිදුළු බද්ධ කිරීමේ ශල්‍යකර්ම

අපේක්ෂා රෝහලේදී ඇටමිදුළු බද්ධ කිරීමේ ශල්‍යකර්ම
මහරගම අපේක්ෂා රෝහලේදී පිළිකා රෝගීන් සදහා ඇටමිදුළු බද්ධ කිරීමේ ශල්‍යකර්ම ආරම්භ කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය තීරණයකර ඇත.

ඔස්ට්‍රේලියාවේ වින්සන්ට් රෝහලේ මහාචාර්ය එම්.ඒ. ඩේවිඩි මහතාගේ උපදෙස් මත ශල්‍යකර්ම සිදුකිරීම ලබන දෙසැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතය.

පිළිකා රෝගීන්ගේ ඇටමිදුළු බද්ධ කිරීමේ ශල්‍යකර්ම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථමවරට ආරම්භ කරන අතර, මෙතෙක් කල් එවැනි සැත්කම් සිදුකරන ලද්දේ සිංගප්පූරුව සහ ඉන්දියාව වැනි රටවලදීය.

එවැනි ශල්‍යකර්මයක් සඳහා වැයවන මුදල රුපියල් මිලියන 30-40 අතර වෙයි. දැනට මෙම ශල්‍යකර්මය සිදුකිරීම සඳහා මහරගම අපේක්ෂා රෝහලේ ලියාපදිංචි වී ඇති රෝගීන් සංඛ්‍යාව 100 ඉක්මවයි.

මේ පිළිබඳව අදහස් දැක්වූ මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය ප‍්‍රසාද් අබේසිංහ මහතා,

"ඇටමිදුළු බද්ධ කිරීමේ ශල්‍යකර්ම සිදුකිරීම සදහා විශේෂඥ වෛද්‍යවරුන් 04 දෙනෙකු ඔස්ටේ‍්‍රලියාවේ වින්සන්ට් රෝහලේදී විශේෂ පුහුණුවක් ලබා සිටිනවා. ඇටමිදුළු බද්ධ කිරීමේ ශල්‍යකර්ම වර්ග දෙකක් තිබෙනවා. මහරගම අපේක්ෂා රෝහලේදී අපි සිදුකිරීමට බලාපොරොත්තු වන්නේ ස්වයං ඇටමිදුළු බද්ධයයි. මෙම ශල්‍යකර්මය සාර්ථක වූ පසු දෙවන ක‍්‍රමය වන දායකයන් සමග කරන ඇටමිදුළු බද්ධ කිරීම සිදුකිරීමට අපි බලාපොරොත්තු වෙනවා."
English Edition Click Here
(Lanka Hot News)