තාජුඩීන්ගේ ඇටකටු මාලබේ නෑ

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ශරීරයේ කොටස් තිබූ බවට සඳහනක් නොමැති බව මාලබේ සයිටම් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එමගින් පෙන්වා දෙන්නේ තමන් සතුව තිබූ මිනිස් අස්ථි කොටස් අධ්‍යාපනික අරමුණු සඳහා ළඟ තබා ගත් ඒවා බවයි.

මිනිස් අස්ථි කොටස් වෛද්‍ය සිසුන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සඳහා ඉල්ලුම් කළේ තාජුඩීන්ගේ මරණය පෙර බව ද එම නිවේදනයේ දැක්වේ.

සයිටම් ආයතනය පෙන්වා දෙන්නේ මිනිස් අස්ථි කොටස් ලබාදීමෙන් පසු ඒවායේ හිමිකරුවන් සම්බන්ධ නාම ලේඛනයේ වසීම් තාජුඩීන්ගේ නම නොතිබූ බවයි.

එම අස්ථි කොටස් වෛද්‍ය ඉගැන්වීම් සඳහා තම ආයතයේ කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ බවත් අදාළ සියලු බලධරයින්ගේ අධ්‍යයනයෙන් ඔවුන්ගේ සහතිකයෙන් ලිපි ලේඛන සහිතව ඒවා ලබාගන්නා ක්‍රියාවලිය යටතේ ලබාගත් බවත් කියති.

මේ අතර වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් රහස් පොලිසිය පවත්වන පර්යේෂණ සඳහා සහාය ලබාදීම වෙනුවෙන් සයිටම් ආයතනයේ උප කුලපති ආනන්ද සමරසේකර නිවාඩු ලබා ආයතනයෙන් ඉවත්ව ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ.