විග්නේශ්වරන් ජාතිවාදියෙක් නොවේ

උතුරු පළාතේ මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් ජාතිවාදියකු යැයි තමා විශ්වාස නොකරන බවත් දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවත් හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බැව් කියා සිටියේ ඊයේ (03) දෙමළ ජනමාධ්‍යවේදීන් හා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එම සාකච්ඡාවේදී හිටපු ජනාධිපතිවරයා මෙසේ ද කීය,

නාමල් හිරේ ගිහිල්ලා එයාලත් එක්ක එකට ඉඳල ඇවිල්ලා මගෙන් ඇහැව්වා ඇයි මේ කට්ටියට නිදහස ‍ලැබෙන්නේ නැත්තේ කියලා.

“මම දන්න විග්නේශ්වරන් මහ ඇමැතිතුමා නම් ජාතිවාදියෙක් කියලා මම හිතන්නේ නැහැ. ඔහු කරන්නේ දේශපාලනය. ඔහුට ප්‍රතිඵල පෙන්වන්න බැහැ. මේ ආණ්ඩුවටත් ප්‍රතිඵල පෙන්වන්න බැහැ.”

“ළමයින්ට රස්සාවක් දීලා තියෙනවාද? ඒවාට උත්තර නැහැ, ඉතින් මිනිසුන්ට ප්‍රශ්න අමතක කරවන්න ජාතිවාදය හරි මොනවහරි අටවගෙන.”

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවත් තමන් විරුද්ධ දේශපාලනික වශයෙන් රජය අධිකරණයට ඇඟිලි ගසා ඔවුන් නිදහස් කිරීම පිළිබඳවයි.

“අපිට මෙයාල නිදහස් කරත් එකයි. නාමල් හිරේ ගිහිල්ලා ඇවිල්ලා එයාලත් එක්ක ඉඳල මට කිව්වා ඇයි මේ කට්ටියට නිදහස ‍ලැබෙන්නේ නැත්තේ කියලා. එයාටත් මම කිව්වේ ප්‍රශ්නේ තියෙන්නේ මේ අධිකරණයක් ඉස්සරහ මේ නඩු තියෙන එක කියලා,” ඔහු පැවසීය. “ඒවා ඉති නීතිපති දෙපාර්තමේන්තුවට පුළුවන් ඕනෙ නම් ඉල්ලා අස්කරගන්න. එහෙම නැත්නම් ඒවා ඉක්මන් කරන්න ඒ කට්ටියට හැකියි.”

තමන් බලයේ සිටියදී දෙමළ සිරකරුවන් පුනරුත්තාපනය කර නිදහස් කිරීමට උත්සාහ කළ අවස්ථාවේ ඔවුන් උසාවියට ඉදිරිපත් කරන ලෙස ඔවුන්ගේ නීතිවේදීන් ඉල්ලීම් කළ බවත් හිටපු ජනාධිපතිවරයා දෙමළ මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.

ඒ අනුව ඔවුන් උසාවියට ඉදිරිපත් කළ බවත්, එසේ නොකළේ නම් එම සිරකරුවන් ද මේ වනවිට නිදහස්ව සිටීමට ඉඩ තිබුණු බවත් පැවසීය.

“ඉතින් උසාවියේ චෝදනාවක් තියනවනේ. ඒක ඉවර වෙනකම් අපිට කතා කරන්න බැහැ. නැත්නම් එයාලට ඒකාලේම යන්න තිබුණා. මොකද ඊට වඩා චෝදනා තිබුණු අය පුනරුත්තාපනය කරලා එළියට ගිහිල්ලා තියෙනවනේ.”

තමන්ට බලය අහිමි වූවාට පසු උතුරේ සංවර්ධනය සම්පූර්ණයෙන් ඇණහිට තිබෙන බව පවසන මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා, උතුරේ ජනතාවගේ ගැටලු විසඳීමට ද ආණ්ඩුව අපොහොසත්වී ඇති බවත් අවධාරණය කළේය.

“අපි විතර ඒ මිනිස්සු ගැන බැලුවේ නැහැ. මේ ආණ්ඩුව මොකක්ද කරලා තියෙන්නේ,” ඔහු ප්‍රශ්න කළේය.

“ආණ්ඩුව අපි හමුදාව ඉවත් කරනවා කියනවා. මම දන්නේ නැහැ කොච්චර ඉවත් කරලද කියලා. හැබැයි මට කියන්න එක දෙමළ අනාථ කඳවුරක් වහල තියෙනවද කියලා. නැහැ. ඒකෙන් පේන්නේ ආණ්ඩුව දෙමළ ජනතාව ගැන හිතන්නේ නැහැ, දේශපාලනය ගැන විතරයි හිතන්නේ.”

වර්තමානයේ උතුරේ පවතින ආන්දෝලනාත්මක තත්ත්වය සලකා බැලීමේදී උතුරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ගත් තීරණය නිවැරදි දැයි කළ විමසීමකට පිළිතුරු දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, එය නිවැරදි තීරණයක් යයි තමන් දැනටමත් සිතන බවත් සඳහන් කළේය.