අද සිට විදුලි කප්පාදුවක් නෑ

"නොරොච්චෝල ලක්විජය විදුලි බලාගාරයේ අක‍්‍රීය වූ යන්ත‍්‍ර 03 න් අපි බලාපොරොත්තු වුණේ දෙවෙනි යන්ත‍්‍රය බ‍්‍රහස්පතින්දා වනවිට යථා තතත්වයට පත්කරන්න. නමුත් ඉහළ සිට පහළට නිලධාරි මහතුන්ගේ කැපවීම නිසා අද වනවිට එම යන්ත‍්‍රය යථා තත්ත්වයට පත්කරන්න හැකිවෙලා තිබෙනවා. ඒ නිසා අපි විදුලිය කැපීම අද සිට නවත්වනවා. ඉතිරි යන්ත‍්‍ර දෙකත් මේ ආකාරයෙන්ම කඩිනමින් යථා තත්ත්වයට පත්කරන මෙහෙයුමක අපි යෙදිලා ඉන්නවා" යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි.

පසුගියදා නොරොච්චෝල විදුලි බලාගාරයේ ඇතිවූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් සමස්ත දිවයිනට බලපාන පරිදි ක‍්‍රියාත්මක වූ විදුලි කප්පාදුව අද සිට නවතා දැමීම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා අමාත්‍ය සියඹලාපිටය මහතා අද (19) පෙරවරුවේ අමාත්‍යාංශ පරිශ‍්‍රයේදී මේ බව අවධාරණය කරන ලදී.