රන් මිල නැවතත් පහළට

ලෝක වෙළඳපොලේ රන් මිල නැවතත් පහත වැටීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා.රන් අවුන්සයක මිල සති අන්තය වනවිට සටහන්වූයේ ඇමරිකන් ඩොලර් 1258 ක් ලෙසයි.

එය පසුගිය සතියට වඩා සියයට 5 ක පමණ පහත වැටීමක්.මේ අතර රන් මිල පහත වැටීමත් සමඟ ලොව විශාලතම රන් පාරිභෝගිකයෙකු වන ඉන්දියාවේ රන් භාණ්ඩ අලෙවිය සියයට 25 ත් 30 ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා.විශේලේෂකයින් පෙන්වා දෙන්නේ ඉදිරි සතිය තුළදී රන් අවුන්සයක මිල ඩොලර් 1200 ට වඩා පහත වැටීමට ඉඩ ඇති බවයි.