සිසුවියක් ගෙල වැලලාගෙන මිය යයි Video

මස්කෙළිය පොලිස් වසමට අයත් ගවරවිල ජනපදයේ පහළොස් හැවිරිදි පාසල් දැරියක් තම නිවසේ තාවකාලිකව ඉදිකර තිබෙන කාමරයක ගෙල වැලලාගෙන මියගොස් ඇති බව මස්කෙළිය පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ටිරෝන් රත්නායක මහතා පැවසුවා.

අද (05) අලුයම 5.30 ට පමණ දෙමාපියන් අවදි වි තම දියණිය සොයන අවස්ථාවේ ඇය ගෙලවැලලාගෙන මියගොස් ඇති බවයි දෙමාපියන් පවසන්නේ. මියගිය සිසුවියට තව එක් සොහොයුරෙක් පමණක් සිටින අතර එම දැරියගේ පියා විදේශ රැකියාවක නිරතව සිට මැතකදි නිවසට පැමිණ තිබෙනවා.


මෙම මරණ පිළිබද මස්කෙළිය පොලිසිය පුළුල් පරික්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා.