T20 තරගාවලියත් ඔස්ටේලියාව ජය ගනියි

සත්කාරක ශ්‍රී ලංකාව සමගින් කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී පැවති දෙවැනි හා අවසන් පන්දුවාර විස්ස තරගයෙන් කඩුළු 4 ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාවන සමත් විය. මෙම ජයග්‍රහණයත් සමගින් තරග දෙකකින් යුත් පන්දුවාර විස්ස තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට ඔවුන් සමත් විය.

ලකුණු 129 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානුවන් පන්දුවාර 17.5 කදී කඩුළු 6 ක් පමණක් දැවී සිය ඉලක්කය පසු කර යාමට සමත් විය.

ඩේවිඩ් වෝනර් සමගින් සුපුරුදු පරිදි ග්ලේන් මැක්ස්වෙල් ඔස්ට්‍රේලියානු ඉනිම ආරම්භ කළ අතර ඔවුනු දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 93 ක සබඳතාවක් එක් කිරීමට සමත් විය. මෙම තරගයේදී ද ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් එල්ල කළ අතර මැක්ස්වෙල් පන්දු 29 කදී වේගවත් ලකුණු 66 ක් රැස් කිරීමට සමත් විය. ඊට අමතරව නායක ඩේවිඩ් වෝනර් ලකුණු 25 ක් රැස් කල්ය. කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානු පළමු කඩුළු 4 ලකුණු 6 ක් තුළදී බිඳ හෙලමින් පීඩනයක් එල්ල කිරිමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.

කෙසේ වෙතත් ඉන්පසු ලකුණු 6 ක් ලබා සිටි උස්මාන් කවාජා හා ලකුණු 14 ක් ලබා සිටි මැතිව් වේඩ් තිලකරත්න දිල්ෂාන් ගේ පන්දු හමුවේ දැවී ගිය අතර වේඩ් දිල්ෂාන්ගේ අවසන් අන්තර්ජාතික ක්‍රිකට් කඩුල්ල ලෙසින් ඉතිහාස ගත විය. පන්දුවාර විස්ස තරග 80 කට එක්වී ඇති දිල්ෂාන් එහිදී කඩුළු 9 ක් බිඳ හෙලීමට සමත් වී ඇත.

ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා රැගෙන ගිය ට්‍රැවිස් හීීඩ් ලකුණු 9 ක් හා පීටර් නෙවිල් ලකුණු 3 ක් රැස් කළහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේන් දිල්ෂෘන්ට අමතරව සීක්කුගේ ප්‍රසන්න කඩුළු දෙකක් බිඳ හෙලීය.