මධු FB දාපු Massage එක ගැන කියයි

මධු.. facebook එකේ massage එකක්‌ තිබුණා ආයෙත්...?
ම්... ඔව්. හරි... අහන්න අහන්න. ප්‍රශ්නේ අහන්නකො.

මේ වගේ massages face book දැම්මම පුද්ගලික ජීවිතේ ලෝකෙට විවර වෙනවා කියලා හිතෙන්නේ නැද්ද?
මගේ ජීවිතේ මට හංගන්න දෙයක්‌ නෑ. මගේ රටේ මාව මධු මාධව කරපු මට කැමති මට අකමැති අයත් එක්‌ක මං මගේ ජීවිතේ බෙදා ගන්නවා. මගේ ජීවිතේ ඇත්ත වහලා වෙන එකක්‌ පෙන්නන්න මට ඕනේ නැහැ.

එතකොට මේ fb massage එක?
රෙනුශාගෙයි මගෙයි වෙන්වීමට වසර 2 යි. ඒක සැමරුමක්‌.

මට හිතෙනවා ඒ massage එක ඇතුළේ සැමරුමට එහායින් ගිය කාට හරි එල්ල වෙන දෝෂාරෝපණයකුත් අන්තර්ගතයි කියලා...?
කාගේ හරි පළමු හෝ දෙවැනි හෝ කීවෙනි හෝ බැඳීම් හංගන්න නං තමුන් වරදක්‌ කරලා තියෙන්න ඕන. මගේ දෙවැනි වෙන්වීම මම කෑ ගහලා මගේ රටට තිළිණ කරනකොට දෙවැනි විවාහයක්‌ කරගත්තවත් කියපු නැති, එහෙම නැත්නම් විවාහවෙලා ඒක නැහැයි කියපුත් නැති, හැබැයි විවාහත් උන කෙනාම කියනවා එහෙනම් එකතු වෙන්න කියලා. මම අවංකවෙලා කියද්දී ඔන්න මං දෙවැනි වතාවටත් විවාහ උනා අපේ ඒ විවාහයත් ඉවර උනා කියලා, දෙවැනි විවාහයක්‌ සිද්ධ උනේ නෑ වගේ අනිත් පාර්ශ්වය, මාධ්‍ය මොනවහරි ප්‍රශ්නයක්‌ අහපු හැටියේ මීට අවුරුදු 15 ට කලින් මගේ අතින් විතරක්‌ වැරදි සිද්ධ උනා වගේ මගේ වරදක්‌ කියන ප්‍රකාශයක්‌ දැම්මහම මිනිස්‌සුන්ට ජනප්‍රිය අයගේ කඳුළු හරි බරයි. මම ඒකයි කියන්නේ මගේ ජීවිතේ කිරනවා නං රෙනුශාගේ කඳුළුත් බරයි. ඇයත් ගැහැනියක්‌, ජනප්‍රිය නිළියක්‌ නොවුණට. නමුත් රටට ප්‍රසිද්ධ අයගේ කඳුළු බරයි, ප්‍රසිද්ධ අය තමයි පූර්වාදර්ශ. එතකොට ඒ කතා අහගෙන ඉන්න අය මගෙන් අහනවා අතන කෙනෙක්‌ ඉන්නවා නේද කියලා. ඔව් එහෙම කෙනෙක්‌ ඉන්නවා එයා විවාහකයි. එකම දේ ඒ කෙනාගේ විවාහය ඇති වීම හෝ නැතිවීම රහසක්‌. මම දන්නෙත් නෑ ඒ මොකක්‌ද කියලා. ඉතිං මට වෙනකෙනකුගේ බිරිඳක්‌ ළං කරගන්න බැහැනේ.

ඇයි එහෙම වෙන්නේ?
අනිත් අය මං වගේ විවෘත නැති නිසාත් මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා හොඳ වෙන්න හදන නිසාත්. මට නං ලෝකේ ඉන්න හොඳම කෙනා හැටියට පෙනී ඉන්න උවමනාවකුත් නෑ, එහෙම හොඳම කෙනා මමත් නෙමෙයි. ජීවිතේ වරදිනකොට මං ඒ ගැන ඇත්ත කිව්වා. සමහර රංගන ශිල්පිනියන් පත්තර මාධ්‍ය පාවිච්චි කරන්නේ තමුන් ඇත්තට ජීවත් නොවෙන ස්‌වරූපය පෙන්නන්න. එතකොට ඒකට මිනිස්‌සු අහුවෙන එක ඇතුළේ අපි වගේ පැරදෙනකොට පැරදුණා හෝ වැරදෙනකොට වැරදුණා කියන මිනිස්‌සුන්ට වෙන්නේ අසාධාරණයක්‌.

මධු fb දාපු massage එකේ ඉන්දික ගිනිගේ ගේ නම සඳහන් වෙනවා...?
හුඟක්‌ම තදින් හුදකලාව බය මට දැනුණේ එක්‌තරා දවසක ඉන්දික ගිනිගේ කියන රංගන ශිල්පියා නිසා. ඒ තිගැස්‌ම තමයි මට මගේ ජීවිතේ මං වැඩිපුරම ආදරය කරපු මගේ දුව මගෙන් ඈත් කළේ. ඉතිං ඒක මං දරාගෙන ඉන්න ඉන්න......... තමන් දෙවැනියට විවාහයක්‌ උනා ඒක දැන් නෑ කියලා හරියට නොකියන කෙනෙක්‌ ප්‍රේම සම්බන්ධතා ගැන කොහෙත්ම කියන්නේ නැහැ. හරියට මං විතරයි ජීවිතේ හිටියේ වගේ හැසිරෙන්නේ. නමුත් ඔව්.. මට කියන්න තියෙන්නේ ඉන්දික ගිනිගේ නිසා එක දවසක්‌ මම කියන මගේ නගරය ගිනි ගත්තා.

fb massage දැකලා රෙනුශා reply කරයි කියන හැඟීම මධුගේ යටි හිතේවත් නැද්ද?
නැහැ. අපි දෙන්නා අතර හුවමාරු උන අන්තිම ලියුම ඔබත් දැක්‌කා. නමුත් මේක ප්‍රතිඋත්තර බලාපොරොත්තුවෙන් ලිපියක්‌ නෙමෙයි. ප්‍රශ්නාර්ථයක්‌ මෙහි නෑ. නමුත් මම කියන්නේ සමහර ජනප්‍රිය චරිත මාධ්‍ය ඉස්‌සරහට ඇවිල්ලා කරන සමහර රංගන නිසා ජීවිතේ වැරදිච්ච පැරදිච්ච අහිංසක ගැහැනුන්ට අවාසියක්‌. මොකද මාධ්‍ය ඔවුන්ව දන්නේ නැහැ ඔවුන්ව හොයාගෙන යන්න. ඔවුන් දන්නේ නෑ රඟපාන්න. ඔවුන්ගේ කඳුළු කතාව ඒ කඳුළුවල බර කව්රුත් දන්නේ නැහැ.

මධුගේ ජීවිතේ වෙන්වීම් අතරේ හදවතට එකඟ නැති වෙන්වීම මොකක්‌ද?
අපි දෙන්නට වෙච්ච දේට මං අත උස්‌සනවා. මට කියන්න තියෙන්නේ ඒකට මට සමාවෙන්න කියලා. එහි වැරද්දක්‌ තියෙනවා නං ඒක මගේ කියලා. හැබැයි අනිත් අයගේ සම්බන්ධතා වලට මට කියන්න තියෙන්නේ ඒ කිසිම තැනක මගේ වරදක්‌ නැහැ. ඒ වැරදි කරපු අය දැන් මගේ ජීවිතේට ගල් ගහන්න එනකොට මට දැනෙනවා "කට අරිනවා මම, මේවා කියනවා" කියන කැත තැනට මම එනවා කියලා. ඒ තැනට පත්වෙන්න මම කැමති නැහැ. ඔවුන් මාව ඒ තැනට පත් කරනවා. මොකද රෙනුශාගේ පැමිණීමක්‌ බලාපොරොත්තු නොවුණාට ඒ වෙන්වීම හරිම ගෞරවනීයයි. හැබැයි ඊට කලින් මගේ ජීවිතේ සිද්ධවුණු වෙන්වීම ගෞරවනීය නැහැ.

රෙනුශා ආපිට ආවොත් එදාට මොකද වෙන්නේ?
රෙනුශා හොඳටම මාව දන්න කෙනෙක්‌. මළ මිනියක්‌ ආයේ නැගිටින්නෙ නැහැ. මිනී වළලන්න ඕනේ. ගගහ කැත කරලා නෙමෙයි. ගෞරවනීයව. ප්‍රේම සම්බන්ධතාත් ඒ වගේ. මැරිච්ච අය ආයේ ආවෙත් නැහැ. එන්නත් එපා.

නිල්මිණි මෙවර ජනප්‍රියම නිළිය සම්මානයට හිමිකම් කිව්වට පස්‌සේ නිර්දේශිත නම් අතර වූ තවත් ජනප්‍රිය නිළියක්‌ ඇයට බැණලා call" sms කරලා තියෙනවා කියලා ඇය මාධ්‍යයට කියලා තිබුණා...?
එහෙමනම් ඒක ඔප්පු කරන්න ඕනනේ. නිකං එහෙම කියලා බෑනේ කෙනෙක්‌ බණිනවා කියලා. අපි හොයලා බැලුවම නං කිසිම මාධ්‍යයක එහෙම දොස්‌ කියපු කෙනෙක්‌ නැහැ ඉතිං...

ඇයගේ ජංගම දුරකථනයට call පිට call ආවා කියලයි ඇය කියන්නේ?
මං නං කියන්නේ වහාම පොලිසියේ පැමිණිල්ලක්‌ දාන්න කියලා. මොකද බොරුවට සීමාවක්‌ නැහැ. ඇත්ත නං කොච්චර පව්ද? පොලිසියේ පැමිණිල්ලක්‌ දැම්මා නං පොලිසිය ඒ ගැන කටයුතු කරනවා. හැබැයි ඒවා පත්තරවලට කිව්වහම අනුකම්පාවක්‌ මිසක්‌ ඔප්පු කරන්න බැහැනේ. මම යෝජනා කරනවා විශේෂයෙන් ස්‌වේතා එතන ඉන්න හින්දා වහාම ආසන්නම පොලිසියට ඉදිරිපත් කරන්න. මෙන්න sms එක මෙන්න number එක කියලා. tl sms එකක්‌ හරි එවලා තියෙනවා නං ඒක වරදක්‌. එහෙම කළොත් උත්තර ලැබෙයි. එහෙම නොකර මාධ්‍යයට තමුන්ම හදාගත්තු කතා කියමින් ඉඳලා වැඩක්‌ නැහැ. අනික ඇයි නීතිය ඉදිරියට නොයන්නේ?

මධු දැන් පෙම්වතෙක්‌ද?
මගේ ගහේ මල් පිපෙන්නේ නැති කොය කිව්වා වගේම පොහොට්‌ට්‌වක්‌ හරි ආවොත් නොකියා ඉන්නේ නැහැ..

ආරංචිය නං ජනප්‍රිය නිළි මේනකා පීරිස්‌ එක්‌ක ආදරේක පැටළිලා කියලා?
අනේ නැහැ...මේනකා සම්බන්ධ නැහැ. නමුත් බලන් ඉන්න පුළුවන් තරං අපූරු කතා කියන නංගී කෙනෙක්‌... ඒ දවස්‌වල මං බලාගෙන හිටියා නං තමයි. නමුත් කියන්න තරම් දෙයක්‌ අපි අතරේ නැහැ. පුංචි කලලයක්‌, පොහොට්‌ටුවක්‌ විතරයි ඒක. ඒකට නමක්‌ ලැබෙයිද මලක්‌ පිපෙයිද කියලා තව වැඩි කාලයක්‌ යන්න කලින් මගේ ජීවිතය තීරණය කරයි.

යුගන්ති යශෝදරා