දුමින්ද බලන්න නාමල් වැලිකඩ යයි

මරණ දඩුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වාගේ සුවදුක් සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන නාමල් රාජපක්ෂ සහ ගාමිණි ලොකුගේ වැලිකඩ බන්ධනාගාරයට ගොස් තිබෙනවා. එ් ඊයේ (13) පස්වරුවේයි.

වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාගේ කාර්යාලයේදී මන්තී‍්‍රවරුන් දෙදෙනා දුමින්ද සිල්වාව හමුවී ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණ කළේ.