මැලේසියාවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස්ට ප්‍රහාරයක්

මැලේසියාවේ, ශ‍්‍රී ලංකා මහකොමසාරිස් අයි.අන්සාර් මහතාට කිසියම් පිරිසක් විසින් ප‍්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වෙයි.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නනේ කිසියම් පිරිසක් විසින් එල්ල කළ මෙම ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ මැලේසියාවේ, ශ‍්‍රී ලංකා මහකොමසාරිස් අයි.අන්සාර් රෝහල්ගත කර ඇති බවයි.

මේ වන විටත් මහකොමසාරිස්වරයා ගුවන් තොටුපොළ පොලිස් රෝහලේ ප‍්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.

මැලේසියාව බලා ගිය ඒකාබද්ධ විපක්ෂයේ දූත පිරිසේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන සමග ගුවන් තොටුපොළ වෙත ගොස් යළි එමින් සිටියදී ඔහු මෙම පහරකෑමට ලක් වී ඇති බව වාර්තා වෙයි.

අදාළ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.