හරීන් රනිල් එක්ක නවසීලන්තයට ගිහින්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (29) දහවල් නවසීලන්තයට පැමිණියා.ඒ එරට අගමැති ජෝන් කීගේ ආරාධනයකට අනුවයි.

ශ්‍රී ලංකා අගමැතිවරයා සමගින් අමාත්‍යවරු තිදෙනෙකුත් මේ සංචාරයට එක්ව සිටිනවා.ඒ අතර සිටින හරීන් ප්‍රනාන්දු පසුගිය සමයේ නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී ඔහුගේ පරිවාර අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළා.

නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුට ඕල් බ්ලැක්ස් ජර්සියක් පසුගිය කාලයේ දී ලබා දී තිබූ අතර එය වෙන්දේසියේ දමා ඉසිපතන විදුහලට ක්‍රීඩාපිටියක් ඉදි කිරීම ආරම්භ කිරීමට ඔහු මුදල් ලබා දෙනු ලැබුවා.

මෙවර නවසීලන්තයට ගිය ඔහු එරට රග්බි ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් යොදවා ශ්‍රී ලංකාවේ රග්බි ඇකඩමියක් ආරම්භ කිරීම සඳහා සහයෝගය ලබා දෙන බවට ජෝන් කී අගමැතිවරයා මීට පෙර වූ පොරොන්දුව ඉටු කර ගැනීමට බලාපොරොත්තු වන බවයි පැවසෙන්නේ.