නාඋයනේ අරියධම්ම නාහිමියන් අපවත්වෙයි

ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනු නායක අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම නාහිමියන් ස්වාමීන් වහන්සේ අපවත් වී තිබේ.

අපවත් වන විට උන්වහන්සේ වසර 79ක් ආයු වළඳා තිබුණි.

අපවත් වී වදාළ අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය එළඹෙන 12වෙනිදා කොළඹ 07නිදහස් චතුරස්‍රයේදී සිදුකිරීමට නියමිතය.