ජය ඔස්ට්‍රේලියාවට

Australia won by 5 wickets
ශ්‍රී ලංකාව හමුවේ ටෙස්ට් තරගාවලිය 3ට-0ක් ලෙස පරාජයට පත්වුවද එක්දින තරගාවලියේ ජය හිමිකර ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම මීට ටික වේලාවකට පෙර සමත් විය.

ඒ දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැති පස්වැනි එක්දින අවසන් තරගය කඩුළු 5කින් ජය ගැනීමත් සමගයි.

ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු195ට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව පන්දුවාර 43දී කඩුළු 5ක් පමණක් දැවී එම ජයග්‍රහණය වාර්තා කළේය.

ඒ අනූව දෙරට අතර තරඟ 5කින් සමන්විත එක්දින අවසන් තරගාවලිය 4ට1ක් ලෙස ජය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්ව විය.