රණමඟ ඔස්සේ නන්දිකඩාල් වාර්තාවක් පිහිටුවයි

පසුගියදා එළිදැක්වුණු මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත 'රණමඟ ඔස්සේ නන්දිකඩාල්' කෘතිය මේ වනවිට කෙටිම කලකින් වැඩිම පිටපත් සංඛ්‍යාවක් අලෙවි කළ කෘතිය බවට පත්වී තිබෙනවා.

මේ දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනට පැමිණ සිටි පාඨකයින් අතර මෙම කෘතිය මිලදී ගැනීමට තිබුණේ දැඩි උනන්දුවක්.

දින කිහිපයක්ම මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා තම පාඨකයින් හමුවීමට පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන භූමියට පැමිණ සිටි අතර ඔහුගේ සමරු අත්සන ලබාගැනීමට පාඨකයින් පෝලිම් ගැසී සිටින ආකාරය දැක ගැනීමට හැකිවුණා.

මෙම කෘතිය ප්‍රකාශයට පත්කළ විජිත යාපා ඇසෝසියේට් සමාගමේ සාමාන්‍යාධිකාරී ලක්ෂ්මන් සිරිවර්ධන මහතා පැවසුවේ ශ්‍රී ලංකාව තුළ කෙටිම කාලයදී වැඩිම පිටපත් සංඛ්‍යාවක් අළෙවි වූ කෘතිය මෙය විය හැකි බවයි.

වීඩියෝව පහතින්.