බුද්ධි අංශ සිව් දෙනෙකුට ඇප

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කෙරුණු බවට චෝදනා එල්ලවී ඇති හමුදා බුද්ධි අංශ සාමාජිකයින් සිව් දෙනෙකුට අවිස්සාවේල්ල මහාධිකරණය විසින් ඇප නියම කර තිබේ.

ඒ අදාළ නඩුව අද අවිස්සාවේල්ල මහාධිකරණයේදී විභාගවූ අවස්ථාවේදීයි.

එම නඩුවේ 06වන,07වන,08වන සහ 09 වන සැකකරුවන්ට මෙලෙස ඇප නියම වී ඇති අතර ඇප නියමවී ඇත්තේ මෙම නඩුවේ 06වන සැකකරු වන ලුතිනන් චමින්ද කුමාර, 07 වන සැකකරු වන මාණ්ඩලික සැරයන් එස්.එම් කණිෂ්ක ගුණරත්න,08වන සැකකරුවන මාණ්ඩලික සැරයන් අයියසාමි බාලසුබ්‍රමනියම් සහ 09 වන සැකකරු වන සැරයන් ඩී.ජී තරංග ප්‍රසාද් ගමගේ යන පිරිසටයි.

රුපියල් ලක්ෂ 05 බැගින්වූ මුදල් ඇප 4ක්, එක් සැකකරුවෙකුට රු.ලක්ෂ 30 බැගින්වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට අවිස්සාවේල්ල මහාධිකරණය තීරණය කර තිබේ.

එසේම මෙම සැකකරුවන් සෑම මසකම පළවෙනි,දෙවෙනි,තෙවෙනි සහ සිව්වැනි ඉරිදා දිනවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ද අධිකරණය විසින් නියෝග කර ඇත.