ඩේසි ආච්චිගේ ඉඩම මැනීම ඇරඹේ

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සම්බන්ධව පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාෂය මගින් ක්‍රියාත්මක කරන නඩු විභාගයක් සදහා ඔහුගේ මිත්තනියක් වන ඩේසි හොනස් වික්‍රමසිංහට අයත්යැයි පැවසෙන ගල්කිස්ස ප්‍රදේශයේ ඉඩමක් මැනීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

මෙම ඉඩම මැනීම සිදු කරන්නේ අධිකරණ නියෝගයකට අනුවයි.

මෙම අවස්ථාවට මිනින්දෝරු දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් සහ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් එක්ව සිටින බවයි වාර්තා වන්නේ. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද මෙම ස්ථානයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.