කොටි යුරෝපා තහනම ඉවත් කරන්න ඉල්ලීමක්

යුරෝපා සංගමය විසින් තහනම් ත‍්‍රස්ත සංවිධාන ලැයිස්තුවට ඇතුලත් කර ඇති එල් ටී ටී ඊත‍්‍රස්ත සංවිධානය සහ පලස්තීන හමාස් සංවිධානය ඉවත් කළ යුතු යැයිමතයක් පළවී ඇති බව විදෙස් පුවත් වාර්ථා සඳහන් කරයි.

ත‍්‍රස්ත ක‍්‍රියා සඳහා එම සංවිධාන සහභාගී වූ බවට සාධාරණ සැකයකින් තොරවඔප්පු කිරීමට තරම් ප‍්‍රමාණවත් සාක්කි මෙතෙක් ඉදිරිපත්ව නැති බවට යුරෝපා සංගම් අධිකරණ උපදේශකවරයෙකු ප්‍රකාශ කර ඇත.

2014 වසරේදී මෙම සංවිධාන දෙකම යුරෝපා සංගමය විසින් තහනම්ත‍්‍රස්ත ලැයිස්තුවට ඇතුළත් කිරීමට තීත්දු කරන ලදී.
සිය කණ්ඩායම් යුරෝපා ත‍්‍රස්ත ලැයිස්තුවෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ඇති එල් ටී ටී ඊහා හමාස් සංවිධාන නියෝජිතයින් පිරිසක් යුරෝපා සංගම් ප‍්‍රාථමිකඅධිකරණය හමුවේ නඩු පවරා තිබූණි.