සුනඛයෙක් වාහනයක් එළවපු අපුරු විඩියෝව

පොලිස් නිල සුනඛයින්ගේ (Police dog) දක්ෂතා එළිදැක්වීමක් ඊයේ මහනුවරදි පැවැත්වුණා.

මහනුවර අස්ගිරියේ පැවති මේ සංදර්ශනයට පොලිස් නිල සුනඛයින් රැසක් එක්කර සිටියා.

මහනුවර අස්ගිරියේ පිහිටි ශ‍්‍රි ලංකා පොලිසියේ නිල සුනඛ මූලස්ථානය විසින් මෙම විශේෂ සංදර්ශනය ඊයේ සංවිධානය කර තිබුණා.

ඒ පොලිස් නිල සුනඛ කොට්ඨාශයේ අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කළ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සිසිර විජේකෝන් මහතා විශ‍්‍රාම යාම වෙනුවෙන්.

මෙහිදි පුහුණු ලබාදුන් පොලිස් නිල සුනඛයින් බාධක තරණය, ගිනිවළලූ මතින් පැනීම, ඇතුළු දක්ෂතා රැසක් මෙහිදි මෙලෙස එළිදැක්වුවා.

මෙහිදි පොලිස් නිල සුනඛයෙකු වාහනයක් ධාවනය කළ අතර ඒ වෙත කාගෙත් අවධානය යොමුවුණා.