නිරුවතින් පෙම් කළ කෙල්ලයි කොල්ලයි මාට්ටු

තිසාවැව වැව් තාවුල්ලේ සැදෑ අඳුරේ නිරුවතින් සිටි වයස පහළොවක් (15) පමණ වූ ළාබාල තරුණියක හා විසි දෙහැවිරිදි තරුණයකු ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන ඉකුත් 29දා පොලිසියට භාර දුන් බව අනුරාධපුර පොලිසිය පවසයි.

සැදෑ අඳුර වැටෙනවාත් සමඟම තරුණයකු හා තරුණියක තිසාවැව් තාවුල්ල දෙසට යනු දුටු ඒ අවට පදිංචි පිරිසක් ඒ ගැන විපරම් කිරීමේදී තරුණිය හා තරුණයා නිරුවතින් පෙම් සුවය විඳින අයුරු දැක තිබේ.

පසුව ඔවුන් සිටි ස්ථානයට ගිය ප්‍රදේශවාසීන් තරුණියට හා තරුණයාට ඇඳුම් අන්දවා අනුරාධපුර පොලිසියට දන්වා ඔවුන් භාර දීමට පියවර ගෙන ඇත.

මෙම ළාබාල තරුණිය තමා දැන හැඳින ගත් එම තරුණයා හමුවීමට අනුරාධපුරයට පැමිණීමෙන් පසු මේ දෙදෙනාම තිසා වැවට පැමිණ ඇතැයි පොලිසිය අනාවරණය කරගෙන ඇත.

මෙම ළාබාල තරුණිය මීට පෙරද දූෂණයට ලක්වී ඇද්දැයි මතුවූ සැකයක් මත වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමටද පොලිසිය පියවර ගෙන ඇත. පොලිස් භාරයට පත් තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අනුරාධපුර ශික්ෂණ මහ රෝහල වෙත ඇතුළත් කිරීමටද පොලිසිය පියවර ගෙන තිබිණි. මේ අතර එම තරුණිය හා තරුණයා පොලිසිය වෙත භාර දුන් පිරිසට තරුණයාගේ හිතවතුන් පිරිසක් විසින් බැන තර්ජනය කළ බවටද පොලිසිය වෙත ප්‍රදේශවාසීන් විසින් පැමිණිලි කර ඇතැයි වාර්තා වේ.

මෙම සිද්ධිය පිළිබඳව අනුරාධපුර පොලිසියේ කාන්තා හා ළමා කටයුතු අංශය මඟින් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.