මහින්දානන්ද යළි රිමාන්ඩ්

හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා යළි රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

ඔහුව ලබන 27 වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස යි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (22) නියෝග කර ඇත්තේ.

කොළඹ කුරුඳුවත්තේ පිහිටි නිවසක් රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයකට මිලට ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ අලුත්ගමගේ මහතා වරදක් කර ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දන්වා තිබේ.

එම මිලට ගැනීම සඳහා මුදල් ලැබුණු ආකාරය පැහැදිළි නොවන බව යි රහස් පොලිසිය අධිකරණයට වැඩිදුරටත් කියා සිටියේ.